Gossips

උතුරේ හමුදා කඳවුරු ඉවත් කළ නොහැකියි – ජනපති

උතුරේ හමුදා කඳවුරු ඉවත් කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
උතුරු – නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධන බලකාය 06 වන වරටත් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඊයේ රැස්වුණු අතර, ඊට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර, එහිදී ඔවුන් අදහස් පළ කිරීමේදී ඊට ජනාධිපතිවරයාද මැදිහත් වුණා.