Gossips

උඩරට මුල් ඇඳුමට නිගා කළ සිද්ධිය ගැන විවිධ අදහස්

සාම්ප්‍රදායික උඩරට මුල් ඇඳුමට සමාන ඇඳුම් ඇඳගනිමින් විදේශිකයින් කණ්ඩායමක් මහනුවර නගරයේ වාර්තා චිත්‍රපටයක් රූගත කිරීම සම්බන්ධයෙන් වූ සිද්ධිය පිළිබඳ අද විවිධ ස්ථානවලදී අදහස් පළ වුණා.
බෙල්ජියම් නිෂ්පාදක කණ්ඩායමක් දේශීය නියෝජිතවරියක්ද සමඟින් මහනුවර නගරයේ ඊයේ සිදුකළ රූගත කිරීමක් අතරතුර නගරවාසීන්ගෙන් විරෝධයක් එල්ල වුණා.
එහිදී දැකගත හැකි වූයේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු උඩරට මුල් ඇඳුමින් සහ ඔසරියකින් සැරසී සිටි ආකාරයයි.
පසුව අනාවරණය වූයේ අදාළ රූගත කිරීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව, ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකින් අවසර ලබාගෙන තිබූ බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සිංහල රාවය සංවිධානයේ නියෝජිතයින් අද අදහස් පළ කළා.