Gossips

අනාරක්ෂිත ඇලකට වැටීමෙන් කුඩා දරුවෙක් මරුට

සෙවනගල ප්‍රදේශයේ නිවසක් අසල ඇති අනාරක්ෂිත ඇලකට වැටීමෙන් කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (03) සවස මෙම දරුවා මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මියගිය කුඩා දරුවාගේ වයස අවුරුදු 2යි මාස 4ක්.
දරුවාගේ මව ද එම අවස්ථාවේ නිවස තුල සිට තිබෙනවා.
මෙම අනාරක්ෂිත ඇලට මීට පෙර ද කුඩා ළමුන් වැටී මරණයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.