වැටුප් විෂමතා ඇතුලූ ගැටළු කිහිපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ විධායක නිලධාරීන්ගේ කමිටුව ගාලූ මුවදොරට පිවිසෙන ලෝටස් වටරවුම අසළ මාර්ගයේ විරෝධතාවක නිරතවුණා.  
විධායක ශ්‍රේණි 16 ක නිලධාරින් පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. 
අද දහවල් 12.30 ට පමණ මොවුන් ලංකා බැංකු මාවතෙන්, ඩී .ආර්. විජේවර්ධන මාවතෙන් සහ  ඕල්කට් මාවතෙන් ලෝටස් වටරවුම ආසන්නයට පැමිණියා. 
මේ හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දැමුණා.  



