Gossips

දිල්හාර ලොකුහෙට්ටිගේ ICCයෙන් දූෂණ චෝදනා තුනක් – කරුණු දැක්වීමට දින 14 ක්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ හට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දූෂණ චෝදනා තුනක් එල්ළකර තිබෙනවා.
ICCය නිවේදනයක් නිකුත් කරමින් පවස්නන්නේ ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන පනතේ වගන්ති තුනක් ඔහු උල්ලංඝනය කර ඇති බවයි.
පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් ආයතනය දිල්හාර ලොකුහෙට්ටිගේ හට එල්ලකළ චෝදනාවලට අමතරවයි ඔහුට මෙම චෝදනා ගොනුකර ඇත්තේ.
මුදලට තරඟ පාවාදීම, ඒ සඳහා උපක්‍රම යෙදවීම හෝ වෙනත් අයෙකු එවැනි ක්‍රියා සඳහා පෙළඹවීම හෝ මුදලට තරඟ පාවාදීමට උපක්‍රම යෙදවීම සඳහා වෙනත් පාර්ශව සමඟ සම්බන්ධවීම හා බලපෑම් කිරීම ඔහුට එරෙහිව එල්ලවී ඇති එක් චෝදනාවක්.
ඍජුව හෝ වක්‍රව දූෂණ මර්ධන පනත උල්ලංඝනය කිරීම සඳහා බලපෑම් කිරීම දිරිගැන්වීමයි.
ඔහුට එල්ලකර ඇති තුන්වන චෝදනාව වන්නේ දූෂණ කටයුතු සඳහා සිදුවන පරීක්ෂණවලට අවශ්‍ය කරුණු කාරණා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකකයට හෙළි කිරීමට සමත් නොවීමයි
මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ටී ටෙන් තරඟාවලිය අතරතුර සිදුවූ බව පැවසෙන දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ICCය වෙත චෝදනා ගොනුකළ අතර එම චෝදනා සලකා බැලූ ICCය ඔහුට ජාත්‍යන්තර තරඟ තහනමක් පැනවූවා.
මෙම චෝදනා සඳහා නිදහසට කරුණු දැක්වීමට දින 14 ක කාලයක් ICC ය විසින් දිල්හාර ලොකුහෙට්ටිගේ වෙත ලබා දී ඇති අතර එම කාලය ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන බවයි ICCය පවසන්නේ.