Gossips

හෙට සිට හිරු මුදුන් වෙයි

හෙට සිට ලබන 15 වනදා දක්වා ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, හෙට දහවල් 12.12 ට දික්වැල්ල, කැකනදුර, කොටවිල සහ මිදිගම ප්‍රදේශවලට ඍජුව හිරු මුදුන් වන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව යන පළාත්වලට මෙන්ම අනුරාධපුර, වව්නියාව යන දිස්ත්‍රික්කවලට ද තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.