Gossips

කෑගල්ලේදී එක්වරම ගිනිගත් ත්‍රිරෝද රථය

කෑගල්ල නගර මධ්‍යයේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් හදිසියේම ගිණිගෙන විනාශ වී ගියා.
කුරුණෑගල ප්‍රදේශයේ සිට කුලී පදනම මත කෑගල්ල නගරය වෙත පැමිණ තිබූ ත්‍රිරෝද රථයකුයි මෙලෙස ගිනිගෙන ඇත්තේ.
ගින්න සිදුවන අවස්ථාවේම රථයේ සිටි සියල්ලන් ඉන් ඉවත් වී ඇති බවයි වාර්තා වන්නේ.
ගින්න හේතුවෙන් ත්‍රිරෝද රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ගින්නට හේතුව රථයේ සිදුවූ විදුලි කාන්දුවක් බවටයි සැකකරන්නේ.
කෑගල්ල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.