Gossips

චුන්නාකම් ප්‍රදේශවාසීන්ට වන්දි ගෙවන්නැයි සමාගමට නියෝග

යාපනය – චුන්නාකම් තාප බලාගාරය ඉදිිකිරීමේ කටයුතු නිසා සිදු වූ හානියට රුපියල් මිලියන විස්සක වන්දියක් ප්‍රදේශවාසීන්ට ගෙවන ලෙස එම විදුලි බලාගාරය හිමි නොදර්න් පවර් පෞද්ගලික සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
ඒ, පාරිසරික හා සොබාදහම් අධ්‍යයන කේන්ද්‍රය ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.
ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම තින්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
මෙම තාප බලාගාරයෙන් ඉවත් කරන තෙල් හා ග්‍රීස් එම ප්‍රදේශයේ ළිංවලට එක්වීම නිසා ජලය අපවිත්‍ර වී ඇති බවයි පෙත්සම්කාර පාර්ශවය සිය පෙත්සම තුළින් පෙන්වා දී තිබුණේ.
උතුර පළාත් සභාවේ අනුමැතිය මත 2015 වසරේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ අතර, 2016 ජනවාරි 31 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එහි ඉදිකිරීම් තාවකාලිකව අත්හිටවනු ලැබුවා.