තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා හිටපු නාවික හමුදාපති, විශ්රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අද යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
පෙරවරු 9.30 ට පමණ ඔහු එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
මීට පෙර අවස්ථා 3 කදී මෙම සිද්ධියට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහා විශ්රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.
2008 – 2009 කාල වකවානුවේදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි ඔහුට විරුද්ධව චෝදනා එල්ල වන්නේ.