Gossips

ශ්‍රී ලංකන් ගැන විගණකාධිපතිගෙන් වාර්තා 2 ක්

2019 අයවැය කාරක සභා විවාදයේ තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම හෙට පැවැත්වීමට නියමිතයි.
තුන්වන වර කියවීමේ විවාදයේ 18 වන දිනය වන අද, ආරක්ෂක සහ මහවැලි සංවර්ධන හා පරිසර යන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂයන් විවාදයට ගැනෙනවා. තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු, වැවිලි කර්මාන්ත සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ ඊයේ විවාදයට ගැනුනා.
මේ අතර පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ රැස්වුණා.
ඊට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වත්මන් පාලනාධිකාරියේ නිලධාරින් සහ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ හිටපු නිලධාරීන් කිහිපදෙනෙකුද කැඳවා තිබුණා.
කෝප් කමිටු හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඉදිරිපත් කර ඇති වාර්තා දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කළ බවයි.