Gossips

25,000 නව දඩ පාර්ලිමේන්තු අනුමැතියෙන් පසුව

රථවාහන වැරදි 7 කට අදාළ අවම දඩය රුපියල් 25,000 දක්වා ඉහළ දැමීමේ ගැසට් පත්‍රය ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට නියමිතයි.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ හිිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙම දඩය ක්‍රියාත්මක වන්නේ ඊට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවීමෙන් පසුව බවයි.
මේ අතර රථවාහන වැරදි 7 කට අදාළ අවම දඩය රුපියල් 25,000 දක්වා ඉහළ දැමීමේ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවේදී සම්මත කරගත හොත් ඊට එරෙහිව කටයුතු කරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය ප්‍රකාශ කළා.
එහි සභාපති සුනිල් ජයවර්ධන මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.