Gossips

අධ්‍යාපනය ක්‍රමය දියුණු කල යුතුයි – අගමැති

අධ්‍යාපනය ක්‍රමය ඉදිරි වසර 10 තුළ දියුණු කල යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ අද පෙරවරුවේ පැවති උත්සවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා.
මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය සහ නවීකරණය කරල ලද ගොඩනැගිල්ල විවෘත කිරීම අද පෙරවරුවේ සිදු වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම අවස්ථාව සදහා අකිල විරාජ් කාරියවසම්, රවී කරුණානායක යන අමාත්‍යවරුන්ද එක්ව සිටියා.