Gossips

විග්නේෂ්වරන්, සංවිධානය වීමට සූදානම්

දෙමළ ජනතා සභාව සංවිධානාත්මකභාවයකින් ඉදිරියට ගෙන යාම සඳහා කමිටුවක් පත් කළ බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති දෙමළ ජනතා සභාවේ සැසිවාරයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ අතර, ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ තීරණයක් හේතුවෙන් අර්බුදයට ලක්ව සිටින දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් දෙමළ ජනතා සභාවට එක්කර ගැනීමට උතුර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කැමැත්ත පළ කර ඇති බවද ඊයේ වාර්තා වුණා.
උතුර පළාත් සභාවේ වනිතා කටයුතු ඇමතිනි ආනන්දි ශෂිදරන් සහ තවත් දෙදෙනෙකු ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එහි මධ්‍යම කාරක සභාව ගත් බව කියන තීරණයකින් පසු එම පක්ෂය තුළ යළි අර්බුදයක් මතුව ඇති බව සඳහන්.
එම තීරණය අවලංගු කරන ලෙස දෙමළ සන්ධානයේ අනෙකුත් නායකයන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එහෙත් ඔහු ප්‍රකාශ කර ඇත්තේ පක්ෂයේ තීරණවලට පටහැනිව කටයුතු කිරීම නිසා මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගත් බවයි.