Gossips

බක්මහ දිවුරුමට ජනපති අගමැති එක් වේ

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දීමේ “බක්මහ දිවුරුම” වැඩසටහනේ ප්‍රධාන උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 8.30ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ආරම්භ වුණා.
එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය, දෙමළ ජාතික සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ඇතුළු මැති ඇමතිවරුන් විශාල පිරිසක් එක්ව සිටියා.
සර්ව ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු උත්සව සභාවට පැමිණ සිටි පිරිස දකුණු අත ඉදිරියට යොමු කර බක්මහ දිවුරුම ප්‍රතිඥාව ලබා දුන්නා.
භාෂා ත්‍රිත්වයෙන්ම මෙම බක්මහ දිවුරුම ලබා දුන්නා.
ඉන් අනතුරුව රාජ්‍ය සේවකයින් සහ පාසල් දරුවන් වෙනුවෙන් ද බක්මහ දිවුරුම ප්‍රතිඥාව ලබාදීම සිදු කළා.
දරුණු සමාජ ව්‍යසනයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව ජනතාව මතවාදී වශයෙන් ඒකරාශී කිරීම බක්මහ දිවුරුම වැඩසටහනේ අරමුණයි.
මේ අතර, බක්මහ දිවුරුම ප්‍රධාන උත්සවයට සමගාමීව දිවයින පුරා රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පොලිස් ස්ථාන සහ පාසැල්වල මෙම ප්‍රතිඥාව ලබාදීම සිදු කරනු ලැබුවා.
පෙරවරු 8.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේ ද බක්මහ දිවුරුම ප්‍රතිඥාව ලබා දීම සිදු කෙරුණු බවයි එහි සිටින හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
හැටන් පොලිස් කොට්ඨාශයේ පොලිස් නිලධාරීන්, රාජ්‍ය ආයතනවල සහ වතුකරයේ පාසල්වල බක්මහ දිවුරුම සිදුකළ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු රංජිත් රාජපක්ෂ කියා සිටියේ.

rnrnrnrnrnrnrnrnrnrnrnrn