Gossips

ඌව මහ ඇමතිට එරෙහි වෛද්‍ය වර්ජනයෙන්, රෝහල් කටයුතු අඩාලයි

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව පළාතේ වෛද්‍යවරුන් ආරම්භ කළ වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු අඩාල වී තිබෙනවා.
අද පෙරවරුවේ වෛද්‍යවරුන් මෙම වර්ජනය ආරම්භ කළේ ප්‍රධාන අමාත්‍යවරයා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියට බැන තර්ජනය කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින්.
දෙමෝදර දිසා රෝහල මධ්‍යයෙන් මාර්ගයක් ඉදිකිරීමට පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කටයුතු කිරීමට තීරණය කිරීමත් සමඟ ඒ පිළිබඳව ඔහු සහ සෞඛ්‍ය අංශ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එම සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රධාන අමාත්‍යවරයා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියට බැන තර්ජනය කර ඇති අතර, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියගෙන් සමාව ගන්නා තෙක් වර්ජනය ක්‍රියාත්මක බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සාමාජික වෛද්‍ය පාලිත රාජපක්ෂ කියා සිටියේ.rn