Gossips

ජනතා විරෝධය හමුවේ දළදා මාළිඟාව අසල, විදෙස් රූගත කිරීමක් නවතී

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට වැව රවුම පරිශ්‍රයේ නිළමේ ඇඳුමෙන් සැරසී ඊට අවමන් වන ආකාරයට වාර්තාමය වැඩසටහනක් රූගත කරමින් සිටි විදේශිකයන් පිරිසක් පොලීසිය මැදිහත් වී එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා.
ඒ, අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා සහ ප්‍රදේශවාසීන් ඊට විරෝධය දැක්වීමත් සමඟයි.
එක් විදේශිකයෙකු නිළමේ ඇඳුමින් සහ තවත් විදේශිකයෙකු ඔසරියක් හා සමාන විකෘති කරන ලද ඇඳුම් පැළදුම්වලින් සැරසී මහනුවර – වැව රවුම ආශ්‍රිතව රූගත කිරීමක් සිදුකර ඇත්තේ ඊයේ පස්වරුවේයි.
ඔවුන් සමඟ මෙරට නියෝජිතයින් කිහිප දෙනෙකු ද සිටි බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වෙතත්, මෙම රූගත කිරීම් දුටු ප්‍රදේශවාසීන් ඊට විරෝධය පළ කර තිබෙනවා.
ඔවුන් එහිදී සඳහන් කර ඇත්තේ රූගත කළ දර්ශන වහාම මකා දමන ලෙසටයි.
ප්‍රදේශවාසීන්ගේ මෙම විරෝධයත් සමඟ පොලීසිය එම ස්ථානයට පැමිණ මේ පිළිබදව සොයා බලා තිබෙනවා.
කෙසේ වෙතත්, විදේශිකයන් සමඟ පැමිණි මෙරට නියෝජිතවරියක් වන ඉරන්ති අබේසිංහ දැනුම් දී ඇත්තේ තමන් මෙම රූගත කිරීම් සඳහා අවශ්‍ය අවසරය ලබාගෙන ඇති බවටයි.
ආරක්ෂක අමාත්‍යාංශයෙන් සහ චිත්‍රපට සංස්ථාවෙන් මේ සඳහා ලබා ගන්නා ලද අවසර පත්‍ර ද ඇය පොලීසියට ඉදිරිපත් කර තිබෙනවා.
ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පොලීසිය එම විදේශිකයින් ඇතුළු පිරිස මහනුවර ප්‍රධාන පෙලේ හෝටලයක් වෙත රැගෙන ගිය බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.
පසුව ප්‍රදේශවාසීන්ගේ දැඩි ඉල්ලීම මත සිද්ධිය වන අවස්ථාවේ රූගත කරන ලද දර්ශන සියල්ල මකා දැමීමටයි පොලීසිය පියවර ගනු ලැබුවේ.

rnrnrnrnrn