Gossips

කුරුමිණියාගල ගින්න නිවා දමයි

වැල්ලවාය – කුරුමිණියාගල කදු රක්ෂිතයේ හට ගත් ගින්න මේ වනවිට නිවා දමා තිබෙනවා.
අක්කර 250 කට වැඩි ප්‍රමාණයක් පමණ ගින්නෙන් විනාශ වී ඇති බවටයි වාර්තා වන්නේ.
අධික සුළං සහ නියං තත්ත්වය හේතුවෙන් ගින්න ව්‍යාප්ත වූ අතර, එය මැඩපැවැත්වීම සදහා පොලීසිය, ප්‍රදේශවාසීන් සහ ත්‍රිවිධ හමුදාව මැදිහත් වුණා.
කන්දේ එක් ප්‍රදේශයක් ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වැල්ලවාය පොලීසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.