Gossips

විදුලි ඉංජිනේරුවන්ගෙන් චෝදනාවක්

විදුලි අර්බුදයට ප්‍රධාන හේතුව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් සහ මහජන උපයෝගිතා කොමිසම අතර පවතින ගැටුම නොව 2020 දක්වා තමන් ඉදිරිපත් කළ බලාගාර සැලැස්ම ක්‍රියාවට නැංවිමට රජය කටයුතු නොකිරිම බවට විදුලි ඉංජිනේරු සංගමය චෝදනා කරනවා.
එහි සභාපති සෞම්‍ය කුමාරවඩු මෙම චෝදනාව ඉදිරිපත් කළේ කොළඹ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, විදුලි පොදු සේවක සංගමය ද කොළඹ අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී එම සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ චෝදනා කළේ විදුලි කප්පාදුවට හේතුව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් තම කාර්යය නිසි පරිදි ඉටු නොකිරිම බවයි.