Gossips

තායිවානයට භූ කම්පනයක්

තායිවානයේ ටයිටුන් ප්‍රදේශයට රික්ටර් පරිමාණයේ 5.6ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ භූ කම්පනයෙන් කිසිදු හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.
කෙසේ වෙතත්, තායිවානයේ තායිපේ නගරයට මෙම භූ කම්පනය දැනී තිබෙනවා.
2016 වසරේ තායිවානයට බලපෑ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් 100 දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.