Gossips

බක්මහ දිවුරුම ප්‍රතිඥාව ලබා දෙයි

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන ‘‘බක්මහ දිවුරුම’’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 8.30ට ආරම්භ වුණා.
ඒ, කොළඹ නිදහස් චතුරශ්‍රයේදියි.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, දෙමල ජාතික සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ඇතුළු මැති ඇමතිවරුන් එක්ව සිටිනවා.
සර්ව ආගමික නියෝජිතයන්ගේ කෙටි අනුශාසනාවලින් පසුව බක්මහ දිවුරුම ප්‍රතිඥාව ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු උත්සව සභාවට පැමිණ සිටි පිරිස ලබා දුන්නා.
පසුව රාජ්‍ය සේවකයින් සහ පාසල් දරුවන් වෙනුවෙන් බක්මහ දිවුරුම ප්‍රතිඥාව ලබාදීම සිදු කරනු ලැබුවා.
දරුණු සමාජ ව්‍යසනයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව ජනතාව මතවාදී වශයෙන් ඒකරාශී කිරීම මෙහි අරමුණයි.

rnrnrnrnrnrn