Gossips

ඌව පළාතේ වෛද්‍ය වර්ජනයක්

ඌව පළාතේ සියලූම රෝහල්වල වෛද්‍යවරුන් අද පෙරවරුවේ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, පසුගිය දා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියට බැන තර්ජනය කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින්.
දෙමෝදර දිසා රෝහල මධ්‍යයෙන් මාර්ගයක් ඉදිකිරීමට පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කටයුතු කිරීමට තීරණය කිරීමත් සමඟ ඒ පිළිබඳව ප්‍රධාන අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අංශ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එම සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රධාන අමාත්‍යවරයා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියට බැන තර්ජනය කර ඇති බවටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා එල්ල කරන්නේ.
මෙම සිදුවීමට පළාත් ප්‍රධාන අමාත්‍යවරයා, දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියගෙන් සමාව ගන්නා තෙක් වර්ජනය ක්‍රියාත්මක බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සාමාජික වෛද්‍ය පාලිත රාජපක්ෂ කියා සිටියේ.