Gossips

උඩරට මුල් ඇඳුමට අපහාස වන අයුරින් නොමනා ලෙස හැසිරුණු යුවළට අත් වූ ඉරණම

මහනුවර සම්ප්‍රදායට අයත් උඩරට නිළමේ ඇඳුමින් සැරසුණු විදේශකයන් පිරිසක් මහනුවර වැව රවුමේ අශෝභන ලෙස හැසිරුණු බවට
පවසමින් ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ විරෝධය පළකලා.
ඔවුන් කිසියම් රූගත කිරීමක නිරත වූ අතර ඒ සඳහා පිරිමි පුද්ගයන් දෙදෙනෙකු මහනුවර සාම්ප්‍රදායික නිළමේ ඇඳුමකින් සහ ඔසරියකින් සැරසී සිටියා.
එම අවස්ථාවේ මෙම පිරිමි පුද්ගලයන් දෙදෙනා අශෝභන ලෙස වැව රවුමේ හැසිරුණු බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරමින් එයට විරෝධය පළකර ඇත්තේ.
කෙසේ වෙතත් එහිදී පොලිසියේ මැදිහත් වීමෙන් මෙම විදේශිකයන් පිරිස වැව රවුම අසළ පිහිටි හෝටලයක් තුලට රැගෙනගොස් තිබෙනවා.
කෙසේ වෙතත් එම අවස්ථාවේ අදාළ විරෝධයට එක්වූ මහනුවර අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිලමේ ජයමිපති හිංකෙන්ද මහතා ප්‍රකාශකර සිටියේ එලෙස රූගත කළ වීඩියෝ දර්ශන මකා දැමීමට තමන් ඇතුළු ප්‍රදේශවාසීන් එකඟ බවත් ඒවා නිසි ලෙස මකා දැමීම කළයුතු බවයි.
කෙසේ වෙතත් අවසානයේ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා සහ තවත් පිරිසක් ඉදිරියේ ඔවුන් එම දර්ශනමකා දැමීම සිදුකළේ මේ අයුරින්.

rnrnrn