Gossips

අයවැයට ඡන්දය දෙනවා ද ? නැද්ද ? – නිදහස් සන්ධාන තීරණය හෙට

අයවැය අවසන් ඡන්ද විමසීමේදී ඡන්දය භාවිතා කිරීම පිළිබදව අවසන් තීරණය හෙට පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගැනීමට නියමිතයි.
නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රී 8.30ට රැස්වුණේ ජනාධිපති නිල නිවසේදියි.
පැයකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාව පැවැත්වුණා.
එහිදී අයවැය අවසන් ඡන්ද විමසීමේදී ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් තීරණය හෙට පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු තීරණය කිරීමට එකඟතාවකට පැමිණි බවයි නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම හෙට රැස්වීමට නියමිතයි.