Gossips

රටක්ම බලා සිටි සුපිරි පිතිකරුට මෙවර ලෝක කුසලානයට එන්න බැරිවෙයි?

සුපිරි පිතිකරුවෙකුට මෙවර ලෝක කුසලාන තරඟාවලියට එක්වීමට නොහැකිවීමේ අවදානමක් මතුව ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම තත්වයට මුහුණදී ඇත්තේ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන මහමුදුල්ලායි.
එයට හේතුවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහුගේ උරහිසේ ඇතිවූ ආබාධයක් බවයි.
ආබාධිත තත්වය සුව වීමෙන් අනතුරුව ඔහු ලෝක කුසලානයට එක්වනු ඇති බවට මීට පෙර වාර්තා වුවද මේ වනවිට ඔහුගේ ආබාධිත තත්වය ඉහළ මට්ටමක පැවතීම මෙයට හේතුව වී ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ අබාධිත තත්වය තවදුරටත් වැඩිවුවහොත් උරහිසේ සැත්කමක්ද සිදුකිරීමේ අවදානමක් පවතින බවයි.
මෙලෙස සැත්කමක් සිදුකළහොත් ඔහුට ලෝක කුසලානය සඳහා සහභාගී වීමේ අවස්ථාව අහිමිව යනු ඇති බවටයි විචාරයකයන් මත පළකරන්නේ.
නවසීලන්ත කණ්ඩායම සහ බංගලාදේශය අතර පැවති ටෙස්ට් තරඟාවලියේදී ඔහු මෙලෙස අනතුරට ලක්වූවා.