Gossips

විෂ මත්ද්‍රව්‍ය ළඟ තබාගන්නා සහ භාවිත කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීති – ජනපති

විෂ මත්ද්‍රව්‍ය ළඟ තබාගන්නා සහ භාවිත කරන පුද්ගලයන්ට එරෙහිවද ඉදිරියේදී දැඩි නීති ක්‍රියාත්මක කරන බව ජනපති ප්‍රකාශ කළා.
අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය වෙනුවෙන් දැනට විවිධ රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන මගින් සිදුකරන වැඩසටහන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර එම සියලු ආයතන සමඟ සාකච්ඡාවක් කැඳවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය වෙනුවන් ඒකාබද්ධ පුථල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණා.
මේ අතර මාර්ග අනතුරු වළක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ සහ නවීන තාක්ෂණ ක්‍රමවේදයන් සමඟ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සිදුකරමින් පවතින වෙනස්කම් පිළිබඳව ද මෙහිදී සමාලෝචනයට ලක්වූවා.