Gossips

විදුලිබල මණ්ඩලය අධිකරණයට කැඳවයි

විදුලි කප්පාදුවට අදාළ වාර්තා මහජන උපයෝගීතා කොමිසමට ලබා නොදීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ලබන 9 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය, ලංකා විදුලිබල මණ්ඩලයට අද නොතීසි නිකුත් කළා.
ඒ, 2018 වසරේ මැයි මාසයේ සිට මේ දක්වා විදුලි කප්පාදුවට අදාළ වාර්තා සහ ලේඛන, විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටියත් මේ වනතුරුත් ඒවා ලබාදී නොමැති බවට මහජන උපයෝගීතා කොමිසම ගොනුකළ නඩුවකට අදාළවයි.
මහජන උපයෝගීතා කොමිසම, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුලු නිලධාරීන් 9 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් මෙම පැමිණිල්ල ගොනුකර තිබෙනවා.
කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසමේ පනතට අනුව එහි නිලධාරීන් කැඳවීමට හැකියාවක් නොමැති බැවින් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා විදුලිබල මණ්ඩලයට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි නොතීසි නිකුත් කළේ.