Gossips

මිලියන 113 ක් කුසගින්නේ

ලොව පුරා රටවල් 53 ක පුද්ගලයින් මිලියන 113 ක් කුසගින්නෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා.
යුද්ධය සහ ස්වභාවික ආපදා හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි එම සංවිධානය ප්‍රකාශ කරන්නේ.
කොංගෝව, සිරියාව, යේමනය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් මෙලෙස කුසගින්නේ පසුවන බව සඳහන්.