Gossips

පළාත් පාලන ප්‍රතිපාදන වෙන් කරගැනීමට ලබන 5 වැනිදා විපක්ෂයට යළි අවස්ථාව ලබාදෙනවා – අගමැති

පළාත් පාලන ආයතන සදහා ප්‍රතිපාදන වෙන් කරගැනීමට ලබන 5 වැනිදා අය වැය ඡන්ද විමසීමේදී විපක්ෂයට යළි අවස්ථාව ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මහරගම අද පස්වරුවේ පැවති ජන හමුවකට එක්වෙමින්.
මහරගම සහ හෝමාගම නගර කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති යටතේ හෝමාගම නාගරික උද්‍යානය විවෘත කිරීම සහ හෝමාගම තාක්ෂණ නගර නව පිවිසුම් මාර්ගයට මුල්ගල තැබීම සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
මහරගම නගරයේ ඉදි කෙරුණු සිව් මහල් රථගාල විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස එක් වුණේ ඉන් අනතුරුවයි.
කෙසේ වෙතත්, රථගාල ඉදිකර තිබෙන මහරගම නගර සභාව සතු ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන ඇති බව පවසමින් නගර සභාවේ පාලක පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සංවිධායකයින්ට මෙලෙස විරෝධය පළ කළා.
විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව පැවති ජන හමුවේදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.