Gossips

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයවැය ඡන්දය ගැන අවසන් තීන්දුව අද රාත්‍රියේ – දයාසිරි

අයවැය අවසන්වර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය භාවිතා කිරීම සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳ අවසන් තීන්දුව අද රාත්‍රියේ ගන්නා බව පක්ෂ මහලේකම් දයාසිරි ජයාසේකර මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ එම පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ ජනාධිපතිවරයා අතර අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක වරුන් සඳහා පැවති මෙම රැස්වීම අද දහවල් කොළඹ – කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා.