කඳාන – කලඑලිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මධ්‍යසාර නිෂ්පාදනය කරන ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් අද වටලනු ලැබුවා.
එහි ගබඩා 3 ක තිබී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පෙරීමට යොදාගන්නා අමුද්‍රව්‍ය සමඟ සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
61 හැවිරිදි සැකකරු කලඑලිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. වත්තල, ජාඇළ සහ කඳාන ප්‍රදේශවලට නීතිවිරෝධී මධ්‍යසාර බෙදාහරින ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් ලෙසයි මෙය පවත්වාගෙන ගොස් ඇත්තේ.