Gossips

විනය කඩකළ රටම ආදරය කළ සුපිරි පිතිකරුට ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් දඩ

විනය නීති කඩකිරීම හේතුවෙන් සුපිරි පිතිකරුවෙකුට දඩ පැනවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙලෙස දඩ නියමවී ඇත්තේ පකිස්තානයේ සුපිරි පිතිකරු උමාර් අක්මාල්ටයි.
ඔහුට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙලෙස දඩ නියමකර ඇත්තේ විනය නීති කඩකරමින් ප්‍රසංගයක් බැලීම සඳහා යාම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කළමනාකාරීත්වයෙන් අවසර නොගෙන උමාර් අක්මාල් ඔස්ට්‍රේලියාවට එරෙහි පස්වන එක්දින ක්‍රිකට් තරඟයට පෙර දින රාත්‍රියේ මෙලෙස ප්‍රසංගයක් නැරඹීමට ගොස් තිබෙනවා.
අනතුරුව ඔහු පමා වී නවාතැන් පොළට පැමිණීම හේතුවෙන් මෙලෙස ඔහුට විනය නීති කඩකිරීම පිළිබඳව චෝදනා එල්ලවූවා.
මෙහිදී ඔහු සහභාගී වී ඇත්තේ බටහිර පොප් ගායක Akon ගේ ප්‍රසංගයක් නැරඹීම සඳහායි.
පසුව අදාළ චෝදනා සඳහා තමන් වැරදිකරු බවට උමාර් අක්මාල් විසින් පිළිගැනීමත් සමඟ ඔහුට මෙලෙස එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් දඩ පැනවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව පස්වන තරඟයේ ඔහුට හිමිවන තරඟ මුදලින් සියයට 20 ක මුදලක් කපා හැරීමටයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත්තේ.
මේ අතර මේ පිළිබඳව ප්‍රකාශයක් සිදුකරමින් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පෙන්වාදෙන්නේ සිය ක්‍රිඩකයන්ගෙන් සැමවිටම උපරිම වෘත්තීය භාවයක් අපේක්ෂා කරන බවයි.