Gossips

මත්ද්‍රව්‍ය ගැන නඩු කඩිනම් කරන ලෙස නීතිපතිගෙන් උපදෙස්

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විභාග වන නඩු කඩිනම් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව රජයේ සියළු නීතිඥවරුන්ට දැනුම් දී තිබෙනවා.
නීතිපති ජයන්ත ජයසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මහේස්ත්‍රාත් අධිකරණවල නඩු කටයුතුවල මෙහෙය වන රජයේ සියළු අධිනීතිඥවරුන් වෙත පසුගිය දා මෙම දැනුම් දීම සිදුකළ බවයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ නිළධාරීන් හරහා මෙම දැනුම් දීම සිදුකළ බව ද නීතිපතිවරයා කියා සිටියා.
ඒ අනුව අදාළ නඩු කඩිනමින් අවසන් කර එම මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා කඩිනම් පියවර ගැනීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බවයි නීතිපති ජයන්ත ජයසූරිය වැඩිදුරටත් සඳහන් කළේ.
මෙලෙස අධිකරණ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 769යි ග්‍රෑම් 464ක් ඊයේ ප්‍රසිද්ධියේ විනාශ කිරීම ද සිදුකෙරුණේ ජනාධිපතිවරයා ඉදිරියේයි.