Gossips

ලොව ලාභම සමාගම සෞදියේ

ලොව වඩාත්ම ලාභදායී සමාගම ලෙස සෞදි අරාබියේ ඇරැම්කෝ තෙල් සමාගම ජාත්‍යන්තර විගණන ආයතන මගින් නම් කර තිබෙනවා.
ෆිච් සහ මූඩි යන විගණන ආයතන සඳහන් කළ පරිදි එම සමාගම 2018 වසරේ වාර්තා කර ඇති ශුද්ධ ලාභය ඇමරිකානු ඩොලර් බිලියන 111ක්.
එය එක්සොන් මොබිල්, ෂෙල්, ටූටාල් ඇතුළු ලොව අනෙක් ප්‍රධානතම තෙල් සමාගම් පහේම ශුද්ධ ලාභයට වඩා වැඩි අගයක් වන අතර, පසුගිය වසරේ ඇරැම්කෝ සමාගමේ ආදායම ඩොලර් බිලියන 360කට ආසන්නයි.
එමෙන්ම ලොව වඩාත්ම ලාභදායී සමාගම ලෙස ඇමරිකානු ඇපල් සමාගමට හිමි වූ ස්ථානය දැන් හිමි වී ඇත්තේ සෞදි ඇරැම්කෝ සමාගමටයි.