Gossips

මුහුණු පොතෙන් මුදල් ඉපයීමට වරම්

ෆේස්බුක් වෙබ් අඩවියේ සිදුකරන පළ කිරීම්වලින් මුදල් ඉපයීම සඳහා අවස්ථාවක් ලබාදීමට එහි නිර්මාතෘ මාක් සකර්බර්ග් අපේක්ෂා කරනවා.
ඒ සඳහා වෙබ් අඩවියේ වෙනම පිටු වෙන් කිරීමට කටයුතු කරන බවයි ජර්මනියේ ඩිජිටල් ප්‍රකාශක, ආයතනයක කාර්ය මණ්ඩලය අමතමින් ඔහු ඊයේ සඳහන් කළේ.
ඒ අනුව ෆේස්බුක් වෙබ් අඩවියේ අදාළ පිටුවල පළ කරන පුවත් සඳහා ද ගෙවීමක් ලබා ගැනීමට ඒවායේ ප්‍රකාශකයන්ට හැකි වනු ඇති.
ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් නිර්මාණය කෙරුණේ පුද්ගලයන් අතර අන්තර් සබඳතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්.