ප්රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ අවසන් කටයුතු අද (02) දින සවස සිදු කිරීමට නියමිතව තිබෙනවා.
30 දා උදෑසන සිට දේහය නුගේගොඩ 39/3 පාගොඩ පාර නිවසේ මහජන ගෞරව සඳහා තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු සදහා අද දින සවස 4ට බොරැල්ල පොදු සුසාන භූමියට රැගෙන එන අතර අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.
නිවසින් පිටත්වීම සවස 3ට සිදු වෙන බවයි සදහන් වන්නේ.
කලාකරුවන් රැසක් ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණි අතර ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාද පැමිණ තිබෙනවා.
ඇන්ජලින් ගුණතිලක මහත්මියනි ඔබට මොක් සුව.