Gossips

අත් බෝම්බයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

උප්පුවේලි පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී ජීව අත් බෝම්බයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී ඔහු සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත පතොරම් තුවක්කුවක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඊයේ සවස පොලිසිය විසින් අදාළ වැටලීම සිදුකර ඇති අතර එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මිහිඳුපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු අද (02) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
උප්පුවේලි පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.