Gossips

දඹුල්ලේ සංගීත ප්‍රසංගයක් අතරතුර ගැටුමක්

දඹුල්ල නගරයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ අදාළ සංගීත ප්‍රසංගය සංවිධානය කර ඇත්තේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිකර වසර 20ක් සපිරීම නිමිත්තෙනුයි.
පොලීසිය සඳහන් කළේ බීමතින් සිටි පුද්ගලයින් අතර ඇති වූ මෙම ගැටුම පාලනය කිරීමට ද දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදුවූ බවයි.
මේ අතර, සංගීත ප්‍රසංගයට සහභාගි වී සිටි තරුණයෙකු බීමතින් යතුරුපැදියක් පදවා එය ලොරි රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව ද පොලීසිය සඳහන් කළා.