Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කථානායකවරයාගෙන් අවවාද

පාර්ලිමේන්තුවේ අභිමානය සහ ගෞරවයට හානි වන ආකාරයේ වචන සභා ගර්භය තුළ භාවිතා නොකරන ලෙස කථානායක කරු ජයසූරිය අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවවාදයක් සිදුකළා.
කථානායකවරයා මේ බව කියා සිටියේ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොන් සිල්වා අතර ඊයේ ඇති වූ උණුසුම් කතාබහ පිළිබදව අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.