Gossips

සාක්ෂිකරුවෙකු ජනපති කොමිසමේදී සිහිසුන් වේ

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ලබාදෙන එන්නත් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන වංචාව සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියේ ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදියෙකු සාක්ෂි ලබාදී තිබෙනවා.
මෙලෙස ඊයේ සාක්ෂි ලබාදෙනු ලැබුවේ ගෝපි ක්‍රිෂාන්තන් ද සිල්වා නැමති පුද්ගලයෙක්.
ඔහු සාක්ෂි ලබාදෙමින් සිටියදී සාක්ෂි කූඩුව තුළ දී ක්ලාන්තවීම හේතුවෙන් පැමිණිල්ලේ විභාග කටයුතු නතර කිරීමට ද සිදුවුණා.
සාක්ෂිකරුගෙන් රජයේ නීතිඥවරුන් ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටින අවස්ථාවේදී ඔහු නිසි පරිදි පිළිතුරු ලබානොදීම හේතුවෙන් ජනාධිපති කොමිසමේ සභාපතිවරයා දැඩි ලෙස අවවාද කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, සාක්ෂි ලබාදුන් ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදියාගේ පිළිතුරු ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වැඩිදුර සාක්ෂි විභාග කිරීම සඳහා අද දිනයේ යළි කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියෝග කෙරුණා.
එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිදුවන දූෂණ, වංචා සහ ටෙන්ඩර් ක්‍රියා පටිපාටියන්ට ගුවන් හමුදාපති, එයාර් මාර්ෂල් කපිල ජයම්පති සම්බන්ධ බවට එහි සේවක සංගමය ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් ද විමර්ශනය කිරීමට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
2015 වර්ෂයේ කෝප් වාර්තාවේ සදහන් වන පරිදි නුසුදුසු ක්‍රීඩා සපත්තු සඳහා රුපියල් බිලියන 5.8ක මුදලකට ලබා ගැනීම සහ ඔහුට අයත් කොළඹ ඩුප්ලිකේෂන් පාරේ මහල් 6කින් සමන්විත ගොඩනැගිල්ල, සැපයුම්කරුවන්ට වංචානික ලෙස ටෙන්ඩර් ලබාදීම යන චෝදනා අදාළ පැමිණිල්ලේ සඳහන්.
එමෙන්ම ගුවන් හමුදාවට පැරෂුට් ලබා ගැනීමේදී ඔහුගේ හිතවත් සැපයුම්කරුවෙකුගෙන් මිලියන 45ක් ටෙන්ඩර් මගින් වංචා කිරීම යන චෝදනාව ද පැමිණිල්ලේ සඳහන්.