Gossips

මන්නාරම සහකාර පොලිස් අධිකාරී අත්අඩංගුවට

2008 වසරේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්නාරම සහකාර පොලිස් අධිකාරී උපුල් අලවත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකළ අතර, පසුව ඔහු අත්අඩංගුවට ගත් බවයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
පිළියන්දල පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාව කටයුතු කරන සමයේ සුනන්ද කණ්ඩම්බි නමැති පුද්ගලයෙකු 2008 වසරේ දෙසැම්බර් 31 වන දා අත්අඩංගුවේ සිටියදී පැහැර ගෙන ගොස් අතුරුදන් කළ බවට අදාළ සහකාර පොලිස් අධිකාරීවරයාට චෝදනා එල්ල වනවා.