ඉන්දියාවේ අභ්‍යාවකාශ අත්හදා බැලීම අවදානම් – නාසා ආයතනය අනතුරු අගවයි
ඉන්දියාව විසින් අභ්‍යාවකාශයේ ස්ථානගත කළ චන්ද්‍රිකාවක් මිසයිල ප්‍රහාරයකින් විනාශ කිරීම මගින් පෘථිවි කක්ෂයේ අබලි ද්‍රව්‍ය කැබලි 400කට වඩා විසිරී ඇති බව ඇමරිකානු නාසා ආයතනය පවසනවා.
එය අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානයේ ගගනගාමීන්ට ද තර්ජනයක් බවයි නාසා ආයතනයේ ප්‍රධානී ජිම් බ්‍රිඩෙන්ස්ටයින්, වොෂින්ටනයේදී ඊයේ කියා සිටියේ.
චන්ද්‍රිකාවක් මිසයිලයකින් විනාශ කිරීමේ පියවර තුළින් ඉන්දියාව අභ්‍යාවකාශ බලවතෙකු වන බව අග්‍රාමාත්‍ය මෝදි ප්‍රකාශ කළා.
එය එළඹෙන මැතිවරණ සමයේ ඔහුගේ රජයට වාසිදායක පියවරක් ද වනු ඇති.
කෙසේ නමුත් නාසා ආයතනයේ ප්‍රධානියා කියා සිටියේ ඉන්දීය චන්ද්‍රිකා විනාශයෙන් ඇති වූ විශාල කැබලි ගගන මධ්‍යස්ථානය අවට කක්ෂයේ රැඳී පවතින බවයි.