Gossips

ජාතික සම්පත් රැකගැනීමට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් සැකසිය යුතුයි – පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි

වනාන්තර ඇතුළු ජාතික සම්පත් රැකගැනීම සඳහා ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් සැකසිය යුතු බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ අදහස් පළකළේ වනාන්තර විනාශයට එරෙහිව ඊයේ ගාල්ලේදී පැවති විරෝධතාවකට එක්වෙමින්.
විල්පත්තු වන උද්‍යානයේ මෙන්ම මඩු රක්ෂිතයේ සිදු වන නීතිවිරෝධී නැවත පදිංචි කිරීම් සහ වන විනාශයන් පිළිබඳව අප හිරු සී.අයි.ඒ හරහා හෙළි කළේ 2014 වර්ෂයේ සිටයි.
යළිත් විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් ඇතී වී තිබෙන අතර විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් පරිසර හා සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානය අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා.

rn