Gossips

අගමැති සහ ඇමති වජිරගේ ප්‍රකාශ අසත්‍යයි – බන්දුල ගුණවර්ධන

අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ පරාජය වීම හේතුවෙන් ලක්ෂ පහ හමාරක් පමණ වන සේවකයන්ට වැටුප් හා දීමනා ගෙවිය නොහැකි තත්වයක් උද්ගතව ඇති බවට අග්‍රාමාත්‍යවරයා හා වජිර අබේවර්ධන අමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව විපක්ෂය පවසනවා.
අය වැය කාරක සභා අවස්ථා විවාදයේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ පසුගිය දෙසැම්බර් මාසයේදී රජය සම්මත කරගත් අතුරු සම්මත ගිණුම මගින් අදාළ වැටුප් ගෙවීමේ හැකියාව පවතින බවයි.

rn