Gossips

නවකවදය, තවත් සිසුවෙකු බිළි ගනී

නවකවදය දරාගත නොහැකිව මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ හෝමාගම – දියගම තාක්ෂණික ආයතනයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ සිය ගෙවත්තේ දී මෙලෙස මිය ගොස් ඇත්තේ කුරුණෑගල – කුඹුක්ගැටේ – වඩුවාව ප්‍රදේශයේ පදිංචි ශනිල්ක දිල්ශාන් විජේසිංහ නැමැති 23 හැවිරිදි සිසුවෙක්.
පොලීසිය සඳහන් කළේ දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වන මොහු මිය යාමට පෙර ලිපියක් ද ලියා ඇති බවයි.
දියගම තාක්ෂණික ආයතනයේ ක්‍රියාත්මක නවකවදය සම්බන්ධයෙන් ඔහු එහි කරුණු දක්වා තිබෙනවා.
මිය ගිය සිසුවා නවක වදයට ලක්වීමෙන් පසු ඇති වූ මානසික රෝගී තත්ත්වයකට කුරුණෑගල ප්‍රදේශයේ මනෝ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ද ලබා ඇති බවයි කුඹුක්ගැටේ පොලීසිය සඳහන් කළේ.
මොහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීයා විසින් අද දිනයේ සිදුකර ඇති අතර, එහිදී නිගමනය කර ඇත්තේ මෙය ගෙළ වැළලා ගැනීම නිසා සිදු වු මරණයක් බවයි.

rnrnrn