Gossips

ගුවන් හමුදාව 67 වන සංවත්සරය සමරයි

දේශයේ ආරක්ෂාව වෙනුවෙන් අපිරිමිත කැපකිරීම් සිදුකළ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද (02) සිය 67 වන සංවත්සරය සමරනවා.
1951 මාර්තු 02 වනදා රාජකීය ලංකා ගුවන් හමුදාව ලෙස නම් කෙරුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව ආරම්භයේදී කිසිදු ගුවන් යානයක් පැවතුණේ නැහැ.
පළමුව චිප්මන්ක් යානා 04 කින් තම යානා බලඇණිය සවිමත් කර ගන්නා ශ්‍රී ලංකා ගුවන් හමුදාව 1990 දශකය වනවිට රටේ ආරක්ෂාව වෙනුවෙන් ඉමහත් මෙහෙවරක් සිදුකළා.
මානුෂීය මෙහෙයුමේදී මිග්, කෆීර් ගුවන් යානා මෙන්ම එම්.අයි.24 හෙලිකොප්ටර් යානා ප්‍රහාරක බලඇණිය ශක්තිමත් කරද්දී තවත් ගුවන් යානා රැසක් උතුර – දකුණ යා කරමින් සෙබළුන්ට සහ ජනතාවට සහන සේවා සැලසුවා.
අදටත් රටේ විවිධ ආපදා අවස්ථාවන් හිදී ගුවන් හමුදාව සිදුකරන මෙහෙවර ප්‍රශංසනීයයි.