Gossips

ඉන්දියාව සතුරු රේඩාර් පද්ධති සොයන චන්ද්‍රිකාවක් උඩු ගුවනට යවයි

සතුරු රේඩාර් පද්ධති පවතින ස්ථාන නිවැරදිව හඳුනා ගත හැකි චන්ද්‍රිකාවක් ඉන්දියාව ඊයේ සාර්ථක ලෙස කක්ෂගත කිරීමට සමත් වුණා.
එමිසැට් හෙවත් මෙම ඉලෙක්ට්‍රොනික බුද්ධි චන්ද්‍රිකාව සමඟ තවත් කුඩා චන්ද්‍රිකා 28ක් ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානයේ රොකට්ටුවක් මගින් ඊයේ කක්ෂගත කර තිබෙනවා.
ඉන්දියාව මෙම පියවරට එළඹුණේ අභ්‍යාවකාශයේ පවතින චන්ද්‍රිකාවක් මිසයිලයකින් විනාශ කිරීමේ සාර්ථක අත්හදා බැලීමක් සිදුකර දින 6කින් අනතුරුවයි.
ඊයේ කක්ෂගත කළ එමිසැට් චන්ද්‍රිකාව මගින් සතුරු රේඩාර් ග්‍රහණය කර ගත හැකි නිසා ඒ සඳහා තවදුරටත් බුද්ධි බැලීමේ ගුවන් යානා හෝ ඩ්‍රෝන යොදා ගැනීම අවශ්‍ය නොවනු ඇති.