Gossips

කේරල ගංජා කිලෝ ග්‍රෑම් 13ක් සමඟ තිදෙනෙකු අල්ලයි

යාපනය ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 13 ක් සමග පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (31) අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය පොලිසිය පවසනවා.
පොලිසිය පැවසුවේ කේරල ගංජා කිලෝ ග්‍රෑම් 12ක් සමග යාපනය, තිරුනෙල්වේලි ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු සහ කේරල ගංජා කිලෝග්‍රෑමයක් සමග තවත් පුද්ගලයෙකු යාපනය, අරියාලෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.
යාපනය, වැල්වැටිතුරෙයි හා අරියාලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් තිරුනෙල්වෙලි පොලිසිය සහ යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.