Gossips

අධිකරණයේ පෙනී සිටි දිමුත් කරුණාරත්නට ඇප

බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ අධිකරණයේ පෙනී සිටි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න අද නියෝග කළා.
ඒ අනුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මොහුව මුදාහැරීමටයි අතිරේක මහේස්ත්‍රාත්වරයා නියම කළේ එමෙන්ම දිමුත් කරුණාරත්නගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමටද විනිසුරුවරයා නියෝග කළා.
බීමත්ව රිය පැදවීම, අපරීක්ෂාකාරී රිය ධාවනය, වර්ණ සංඥාවලට විරුද්ධව රිය ධාවනය සහ සුළු තුවාල සිදුකිරීම යන චෝදනා යටතේ නඩු පවරා තිබෙනවා. එමෙන්ම විනිසුරුවරයා නියෝග කළේ දිමුත් කරුණාරත්නව නුගේගොඩ පිහිටි ජාතික ප්‍රවාහන ප්‍රධාන වෛද්‍ය ආයතනය වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.
මෙහිදී දිමුත් කරුණාරත්න වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා කියා සිටියේ අගතියට පත් පාර්ශවයට නව ත්‍රිරෝද රථයක් ලබාදීමට කටයුතු කරන බවයි.
හානිපූර්ණය කරන්නේ නම් මෙම නඩුව සමථයකට පත් කරගැනීමට කැමති බව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරයා අධිකරණයට දැනුම්දී තිබෙනවා.
මෙම නඩුව මැයි මස 2 වනදා යළි කැඳවීමට නියමිතයි.
බොරැල්ල – කිංසි – හෝර්ටන් ප්‍රදේශයේදී මාර්ග වර්ණ සංඥා උල්ලංගණය කරමින් ඊයේ අලූයම දිමුත් කරුණාරත්න පැදවූ ජීප් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් එහි රියදුරු සුළු තුවාල ලැබුවා.
පසුව බොරැල්ල පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැරුණේ අද දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින්.