Gossips

කුවේට්හිදී හිරිහැරවලට මුහුණදුන් 57 දෙනෙක් දිවයිනට

කුවේට් රාජ්‍ය වෙත රැකියා සඳහා ගොස් විවිධ හිරිහැරවලට මුහුණදුන් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 230 දරණ ගුවන් යානයෙන් අද පෙරවරු 6.15 ට පමණ 57 දෙනෙකු කටුනායක ගුවන් තොටුපල වෙතට පැමිණි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
කුවේට් රාජ්‍යයෙන් මෙලෙස ශ්‍රී ලංකාවට එවන ලද පිරිස අතර පිරිමින් 9 දෙනෙකු සහ ගෘහ සේවය සඳහා ගිය කාන්තාවන් 48 දෙනෙකු සිටිනවා.