Gossips

හාවන් දඩයම් කළ දෙදෙනෙක් ඉනාමළුවෙන් අල්ලයි

දඹුල්ල, ඉනාමළුව රජයේ රක්ෂිතයේ හාවන් දඩයම් කළ පුද්ගලයන් දෙදෙනෙකු දඹුල්ල වන සංරක්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව තිබී ගිනි අවියක්, පතුරම් සහ වෙඩි තබා ඝාතනය කරන ලද හාවුන් දෙදෙනෙකු සොයාගත් බවයි වන සංරක්ෂණ නිලධාරීන් පැවසුවේ.
වන සංරක්ෂණ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (31) රාත්‍රියේ ඉනාමළුව රක්ෂිතයේ මුර සංචාරයක නිරතව සිටින අතර තුර මෙම සැකකරුවන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කාලයක් තිස්සේ මෙම පුද්ගලයන් ඉනාමළුව රක්ෂිතයේ වන සතුන් දඩයම් කරමින් සංචාරක හෝටල්වලට එම සතුන්ගේ මස් අලෙවි කිරීම සිදුකර ඇති බවයි ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ.
සැකකරුවන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.